තමන් වෙනත් පක්ෂවල සිටියද, වසර 17ක් තිස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කඩේ ගිය බව අද (11දා) ශ්‍රීලනිප සාමාජිකත්වය ලබාගත් පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පැවසීය.
අද සිට කඩේ සිට බිස්නස් එක පවත්වාගෙන යන බවත්, ඒකාබද්ධ විපක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් මෙම ගමනට එක්වීමට නියමිත බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් වීරකුමාර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ, තමන් වරදාන වරප්‍රසාද බලාපොරොත්තුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එක්නොවුණු බවයි.
එහෙත් යම් වගකීමක් ලබාදුන හොත් එය ඉටුකිරීමට සූදානම් බවද ඔහු පැවසීය.
අද දිනයේදී ශ්‍රීලනිප සාමාජිකත්වය ලබාගත් ජාතික නිදහස් පෙරමුණේ හිටපු ජාතික සංවිධායක පියසිරි විජේනායක මහතා මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් සඳහන් කළේ, 2020 වසරේදී එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය වැළැක්වීම සඳහා උපරිම උත්සාහ ගන්නා බවයි.
අද දිනයේදී ශ්‍රීලනිප සාමාජිකත්වය ලබාගත් උතුරු මැද පළාත් සභා මන්ත්‍රී පී.බී. කුමාර මහතාද මෙම මාධ්‍ය හමුවට එක්විය.