පුත්තලම නෙඩුම්කුලම් ප්රදේශයේදී මස් අලෙවි කිරීමේ ස්ථානයක් සම්බන්ධව පැවති ආරවුලකදී වයස අවුරුදු දෙකහමාරක පිරිමි දරුවෙකුට පිහියෙන් ඇණ ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වූ පුද්ගලයෙකුට පුත්තලම මහාධිකරණ විනිසුරු ප්රියන්ත ප්රනාන්දු මහතා අද (17දා) මරණීය දණ්ඩනය නියම කළේය.
පුත්තලම පදිංචි එම්.ඉබ්රාහිම් ජනාෆ් (49) නමැත්තෙකුට මෙසේ මරණ දඬුවම නියම විය.
අදාළ විත්තිකරු විසින් 2006 වසරේ සැප්තැම්බර් 16 වන දින සිදු වූ ආරවුලකදී සීයාට එල්ල කළ පිහිපාර කුඩා දරුවාගේ හිසට වැදීමෙන් මෙම මරණය සිදුවී ඇත.