සිංහල හා හින්දු අලුත් අවුරුද්දට ප්‍රථම ගෑස් මිලෙහි කිසිදු වැඩිවීමක් සිදු නොවන බවට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂිකා ඉන්දිකා රණතුංග මහත්මිය ප්‍රකාශ කළාය.
මුදල් අමාත්‍යාංශයේදී අද (29දා) පැවැති ප්රවෘත්ති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කර සිටියාය.
මෙහිදී ඇය සඳහන් කර සිටියේ ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රු.275කින් ඉහළ දමන ලෙසට ‘ලිට්රෝ’ හා ‘ලාෆ්’ යන ගෑස් සමාගම් දෙක විසින්ම ඉල්ලීම් කර තිබුණද ඒ පිළිබඳ සාකච්ඡා පමණක් සිදුවෙමින් පවතින බවයි.
කෙසේ වුවද, සිංහල හා හින්දු අලුත් අවුරුද්දට ප්‍රථම ගෑස් මිලෙහි කිසිදු වැඩිවීමක් සිදු නොවන බව ඇය එහිදී අවධාරණය කළාය.