රාජ්‍ය සේවකයන්ගේ උත්සව අත්තිකාරම් මුදල රුපියල් 10,000/- දක්වා වැඩි කැර ඇත. මීට පෙර උත්සව අත්තිකාරම් වශයෙන් ලබා දුන්නේ රුපියල් 5000කි. එළඹෙන සිංහල අලුත් අවුරුද්දට පෙර වැටුප සමඟ මෙම වැඩි කළ උත්සව අත්තිකාරම් මුදල ද ලැබෙනු ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් පාලන හා ප්රජාතන්ත්රවාදී පාලනය පිළිබඳ අමාත්‍යාංශ ලේකම් ජේ. දඩල්ලගේ මහතා පැවසීය