මනුෂ්‍ය ඝාතන දෙකක් සම්බන්ධයෙන් හා මනුෂ්‍ය ඝාතනයක් කිරිමට තැත් කිරීම සම්බන්ධයෙන් අධිකරණය මඟ හැර සිටි පුද්ගලයෙකු අතුරුගිරියේදී ඝාතනය කර ඇතැයි පොලීසිය කියයි.අද (17දා) සවස මෙම අතුරුගිරිය නගරයේ සැලූනයක් තුළදී වෙඩි තැබීමකින් ඔහු ඝාතනය කර තිබේ.
තුවාල ලැබූ පුද්ගලයා අතුරුගිරිය රෝහලට ඇතුළත් කිරිමෙන් පසුව මියගොස් තිබේ. මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු 34ක් වන මොරටුවාහේන පාර, අතුරුගිරියේ පදිංචිව සිටි බණ්ඩාර ධර්මසිරි නොහොත් බණ්ඩා යන පුද්ගලයෙකි. අතුරුගිරිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.