ඌව පළාත් සභා මැතිවරණයට අදාළව කැෆේ සංවිධානය වෙත පැමිණිලි 424 ක් වාර්තා ලැබුණු බවත් එයින් පැමිණිලි 305 ක් මොනරාගල දිස්ත්රික්කයෙන් හා 100 ක් බදුල්ලෙන් මෙන්ම තවත් පැමිණිලි 19 දිස්ත්රික්ක දෙකකටම පොදු පැමිණිලි ලෙසද වාර්තා වූ බව එම සංවිධානය පවසයි.
මැතිවරණ ප්රචාරයේ අවසන් දිනයේදී මහජන දේපල අයථා පරිහරණය, ශබ්ද විකාශන යන්ත්ර අයථා භාවිතය ඇතුළු මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 24 ක් වාර්තා වී තිබෙන බවත්, එම සංවිධානය කියයි.