කැලණිය පොලිස් බල ප්‍රදේශයේ ආයුධ සන්නද්ධ කොල්ල කල්ලියක් සැරිසරන බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය පවසයි.
පුද්ගලයන් දෙදෙනෙකු විසින් අපරාධ මෙම කටයුතු සිදු කරන බවටත්, මොවුන් මුහුණු ආවරණය කරන ලද හෙල්මට් පැලඳ කලු පැහැති යතුරු පැදිවලින් පැමිණෙන මෙම කල්ලිය මේ වන විට වත්තල, කිරිබත්ගොඩ, වැලිසර, ජාඇල යන පොලිස් වසම් තුළ මගීන්ගේ දේපළවලට මෙන්ම, ඉන්ධන පිරවුම්හල් හා මූල්‍ය ආයතන 02ක කොල්ලකෑම් සිදු කර ඇති බවට පොලිස් නිවේදනයේ දැක්වේ.
මේ කොල්ලකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විටත් පර්යේෂණ ආරම්භකර ඇති අතර මොවුන් පිළිබඳව ඉතා විමසිල්ලෙන් පසුවන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.