මධ්‍යධරණී රටවල පවතින අධික මීදුම් සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් අද (29දා) අලුයම මෙරටට පැමිණීමට නියමිතව තිබූ ගුවන්යානා රැසක් ප්‍රමාද කර ඇති අතර, එම ගුවන්යානා මේ වනවිටත් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ නැතැයි වාර්තා වේ.
ඒ අනුව අද උදෑසන 5.05ට අබුඩාබි සිට පැමිණීමට නියමිතව තිබූ UL 208 දරන ගුවන් යානයත් අලුයම 3.05ට හා 3.55ට සාජා සිට පැමිණීමට නියමිතව තිබූ අරාබි ගුවන් සේවයට අයත් G9503 හා G9501 යන ගුවන්යානාත්, ඩුබායි, කුවේට්, සෞදි, ඕමාන් හා කටාර් සිට පැමිණීමට නියමිතව තිබූ ගුවන් යානා රැසක්ද තවදුරටත් ප්‍රමාද වන බවද වාර්තා වේ.