අලුත්ගම නගරයේ ගැටුම් හේතුවෙන් විනාශයට පත්වූ ගොඩනැගිලි ඉදිකිරීම් සඳහා රජයෙන් ලබාදුන් රුපියල් මිලියන 200 ක මුදලින් රුපියල් මිලියන 54 ක් වියදම් කොට මේ වනවිට නිවාස 112 ක් හා වෙළෙඳ සැල් 30 ක් ඉදිකර අවසන් බව බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජනරාල් යූ.ඒ.බී. මැදවල මහතා පැවසීය.
එසේම ඉතිරි ඉදිකිරීම් සියල්ල තවත් මාස පහක, හයක කාලය ඇතුළත නිමකරන බවද ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශ මාධ්‍ය කේන්ද්‍රය තුළ අද (17දා) පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.