යුද්ධය හේතුවෙන් අවස්ථා කිහිපයකදී යුදහමුදාව අතටත් කොටි සංවිධානය අතටත් පත්වූ අලිමංකඩ ලුණ ලේවායේ වසර 25 කට පසුව පළමු වරට ලුණු අස්වැන්න නෙළීමේ කටයුතු ආරම්භ කොට ඇත.
අලිමංකඩ ලුණු ලේවාය පසුගිය වසරේ පිළිසකර කිරීම් ආරම්භ කළේය. යුද හමුදාවේද සහය ඇති නැවත පදිංචි වැසියන් ලුණු ලේවායේ අස්වැන්න නෙළීමේ කටයුතු ආරම්භ කොට ඇති අතර මෙවර ලුණු ටොන් 8000ක් ලබාගැනීම ඉලක්කය වී ඇත.
1938 වසරේ සිට අලිමංකඩ ලුණු ලේවාය ඇරැඹුනු අතර එවක සිට 1990 වසර වනතෙක් ශ්‍රී ලංකාවේ ලුණු අවශ්‍යතාවයෙන් 40%ක්ම ලබාගත්තේ අලිමංකඩිනි.
යුද්ධයට පෙර ලුණු මෙට්‍රික් ටොන් 8000ක් පමණ නිෂ්පාදනය කළ අලිමංකඩ ලුණු ලේවායේ සේවකයෝ 650ක් පමණ සේවය කළ අතර යුද්ධය හේතුවෙන් ඔවුන්ටද රැකියා අහිමි විය.
මේ වන විට ලේවායේ 30කට ආසන්න පිරිසක් සේවය කරන අතර ඉදිරියේදී අස්වැන්න වර්ධනය වන ආකාරයට සේවකයින් වැඩි කරගැනීමට කටයුතු යොදා ඇත.