අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට සිදුකරන පැමිණිලි විමර්ශනය කිරීම දැඩි මන්දගාමී තත්ත්වයක පසුවන බව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේදී කථානායකවරයාට දන්වා සිටියහ.
බොහෝ පැමිණිලි සිදුකර යම් කාලයක් ගතවී ඇතත් මේ වනතුරු එම කිසිදු පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භකර නොමැති බවද ඔවුහු මෙහිදී කථානායක කරු ජයසූරිය මහතාට පැවසූහ.
පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අද (29දා) පාර්ලිමේන්තුවේදී යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු සැපයීමෙන් පසුව මන්ත්‍රීවරු මෙලෙස චෝදනා කළහ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත 2014 පැමිණිලි 2,345ක් ලැබී ඇති අතර, 2015 වසරේ පැමිණිලි 3,913ක්ද, 2016 වසරේ පැමිණිලි 3,450ක් ලැබී තිබේ. මේ වසරේ (2017) ජුනි මාසය දක්වා පැමිණිලි 1,322 ක් ලැබී ඇති බව පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.
එම පැමිණිලි අතුරින් 2014 වර්ෂයේදී පැමිණිලි 1,999 වීභාග කර ඇති අතර 2015 වසරේ 2,810 ක් විභාග කර තිබේ. 2016 වසරේ විභාග කර ඇති පැමිණිලි සංඛ්‍යාව 2242ක් වන අතර, මේ වසරේ (2017) ජුනි මාසය වනවිට විභාග අවසන් කළ පැමිණි ගණන 803 බවද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ විය.
මේ වනවිට විභාග කරමින් පවතින පැමිණිලි අතර 2014 වසරේ පැමිණි 346 , 2015 වසරේ පැමිණිලි 1095 ,ක් 2016 වසරේ පැමිණිලි 1208 ඇති අතර, මේ වසරේ (2017) ජුනි දක්වා වන පැමිණිලි 519 ක් ඇති බවද මෙහිදී මන්ත්‍රීවරු දැනුම් දුන්හ.
මෙම විභාග කර ඇති පැමිණිලි අතුරින් 2014 වසරේදී මහාධිකරණයේ නඩු 52 ක් සහ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු 12 වන අතර ඒ අනුව එකතුව 64කි.
2015 වසරේ මහාධිකරණයේ නඩු 76 සහ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු 32 ලෙස නඩු 108 කි. 2016 වසරේ මහාධිකරණයේ නඩු 43 ක් සහ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු 44 ක් ලෙසලෙස නඩු 87 ක් පවරා ඇත.
2017 ජුනි මහාධිකරණයේ නඩු 22 ක් සහ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු 17 ලෙස නඩු 39 ක් ගොනුකර ඇති බව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ විය.