වැරදි කළ පුද්ගලයන් නීතියේ රැහැනට හසුකර නොගැනීම ආණ්ඩුවේ දුර්වලතාවක් බවත් මහා පරිමාණ සොරකම් කළ පුද්ගලයන් රිමාන්ඩ් කළත් සති දෙකෙන් පමණ ඇප ලබාගන්නා බවත් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.
බාඳුරාගොඩ කැප්පිටිවලාන ශ්‍රී ශෛලතලාරාම විහාරස්ථානයේදී අද (12දා) ගමේ පන්සල ගමට සවියක් වැඩ සටහනට එක්වෙමින් ඔහු මේ බව පවසා සිටියේය.
“අපි අද පාරේ ගියහමත් මහජනතාව අහන්නේ කෝ මහත්තයෝ හොරු ඇල්ලුවාද කියලයි. එහෙම නැතිව අනිත් දේවල් ගැන හුඟක් ප්‍රශ්න කරනවා අඩුයි. ලොකු හොරු සුමානෙන් දෙකෙන් එළියට එනවා. චූටි චූටි වැරදි කරපු අහිංසක රජයේ සේවකයෝ නිතරම එප්.සී. අයි.ඩී. යනවා. මේ තත්ත්වය වළක්වා ගන්න ජනපති හා අගමැති නායකත්වය ගත යුතුයි. මේ නිසා අපිත් කලකිරිලා ඉන්නේ. විශාල හොරු අපේ මැති ඇමතිවරුනට කිට්ටු වෙලා ඉන්නවා. නිදහස ලබලා තියෙනවා.” ඇමතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.