අර්ජුන් මහේන්ද්‍රන්ගේ දුරකතන දෙකක මාස 11ක දත්ත නෑ
ප්රශ්ණගත බැඳුම්කර සිද්ධියට අදාළ කාලසීමාවේ මාස 11ක කාලයක් මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා පරිහරණය කළ ජංගම දුරකතන දෙකක දත්ත සොයා ගැනීමට හැකියාවක් නැතැයි බැඳුම්කර කොමිසමට සහය වන අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා කොමිසමට ඊයේ (19දා) දැනුම් දුන්නේය.
මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා පරිහරණය කළ ජංගම දුරකතන වල සියළු දත්ත විමර්ශණ නිලධාරීන් විසින් සොයා ගෙන ඇතත් ප්රශ්ණගත බැඳුම්කර ගනුදෙනු සිදුවු 2015 පෙබරවාරී මස පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලසීමාව තුළ මාස 11ක කාලයේදී මහෙන්ද්‍රන් මහතා පරිහරණය කළ ජංගම දුරකතන දෙකක තොරතුරු මෙලෙස සොයා ගැනීමට හැකියාවක් නැතැයි ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා කොමිසමට දැනුම් දුන්නේය.
එහෙයින් අදාළ කාලසීමාව තුළ පරිහරණය කළ ජංගම දුරකතන දෙකේ තොරතුරු සොයා ගැනීමට සහය වන ලෙස මහෙන්ද්‍රන් මහතාට නියම කරන්නැයි ජනාධිපති නීතීඥ කෝදාගොඩ මහතා කොමිසමෙන් ඉල්ලීමක්ද කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

