අර්ජුන් මහේන්ද්‍රන් හෙට බැඳුම්කර කොමිසමට
මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගෙන් සාක්ෂි ලබාගැනීම සඳහා ඔහු හෙට (19දා)බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතය.
අර්ජුන් මහේන්ද්‍රන් මහතාගෙන් සාක්ෂි ලබාගැනීමට පසුගිය 13 වැනිදා තීරණය කළ බැඳුම්කර කොමිසම, ඒ සඳහා හෙට (19දා) කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් ඔහුට සිතාසි නිකුත් කළේය. පිස්කල් නිලධාරීවරයෙකු විසින් අදාළ සිතාසිය මහේන්ද්‍රන් මහතාට බාරදී ඇති බවද වාර්තා විය.
බැඳුම්කර කොමිසමේ කටයුතු ආරම්භ කළ සමයේ සිටම කොමිසමේ සිදුවන්නේ කුමක්දැයි මහේන්ද්‍රන් මහතා විමසිල්ලෙන් පසු වූ අතර, ඔහු වෙනුවෙන් පෙනී සිටීම සඳහා නීතිඥවරුන්ද පත් කළේය.
මේ අතර මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ සාක්ෂිය අත්‍යවශ්‍ය සාක්ෂියක් වන හෙයින් ඔහුගෙන් සාක්ෂි ගැනීමට අවශ්‍ය බවට ඉදිරිපත් වූ කරුණුවලට අනුව,මහේන්ද්‍රන් මහතාගේ සාක්ෂිය ගැනීමට තීරණය කළ කොමිසම, ඔහුගේ සාක්ෂි ගැනීම සඳහා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස සිතාසි මගින් දැනුම් දී ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

