'අර්ජුන් ඇලෝසියස්ට එරෙහිව අපහාස නඩුවක් ගොනුකළ හැකියි'
බැඳුම්කර කොමිසමට අසත්‍ය පැවසීම සම්බන්ධයෙන් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිටපු අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතාට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ අපහාස නඩුවක් ගොනුකළ හැකි බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා අද (01දා)කොමිසමට දැනුම් දුන්නේය.
අර්ජුන් ඇලෝසියස් මහතා භාවිත කළ ජංගම දුරකථනයේ ඇපල් ගිණුමේ මුරපදය (Password) ලබාදෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා කළ ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගයක් හෙට (02දා) ප්‍රකාශයට පත්කරන බව කොමිසම අද (01දා)දැනුම් දුන්නේය.
කොමිසමේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා මීට පෙර අවස්ථාවකදී කළ ඉල්ලීමකට අනුව අර්ජුන් ඇලෝසියස් මහතා 2016 ඔක්තෝබර් මාසයේදී භාවිත කළ ජංගම දුරකථනයේ ඇපල් ගිණුමේ මුරපදය (Password), භාවිත නාමය (Username), ආදී කරුණු තවමත් විමර්ශන නිලධාරීන්ට ලබාදෙන ලෙසද නියම කෙරිණි.
2015 වර්ෂයේ සිටමේ දක්වා අර්ජුන් මහේන්ද්‍රන් මහතා භාවිත කරන සියලුම ඩිජිටල් තාක්ෂණ උපකරණ ඩිජිටල් වෝහාරික පරීක්ෂණයකට ලක්කළ යුතුයැයි කියමින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ විසින් මහතා කරන ලද අයදුමක් පිළිගනිමින් අදාළ උපකරණ කොමිසම බාරයට පත්කරන ලෙස මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට කොමිසම නියම කළේය.
කොමිසමේ සාක්ෂි විභාග කරන අතරතුර පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිටපු අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා කොමිසම අමතමින් තම සේවාදායකයා ජංගම දුරකථනය මිලදී ගෙන ඇත්තේ සිංගප්පූරුවෙන් යැයි පැවසීය.
ජංගම දුරකථනය සිංගප්පූරුවෙන් මිලදී ගැනීමෙන් අනතුරුව තම සේවාදායකයා එම ජංගම දුරකථනයේ ‘ඇපල් ගිණුමේ මුරපදය(Password)භාවිත නාමය (User Name)ආදිය යොදන ලද්දේත් සිංගප්පූරුවේදී බැවින් මේ වනවිට ඔහුට එය මතක නැතැයිද ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා කොමිසමට දැනුම් දුන්නේය.
කොමිසමේ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා - ඔබගේ සේවාදායකයා ඔහුගේ ‘ඇපල් ගිණුමේ මුරපදය (Password) භාවිත නාමය (User Name)ආදී කරුණු දැනුම් දෙන්නේ නැත්නම් අප ඒ කරුණු වෙනත් ක්‍රමකින් ලබාගැනීමට කටයුතු කරනවා.
අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා - පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිටපු අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතා බැඳුම්කර කොමිසමට කියන්නේ බොරු.ඒ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ අපහාස නඩුවක් ගොනු කළ හැකියි.
අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා - අර්ජුන් ඇලෝසියස් මහතා භාවිත කළ ජංගම දුරකථනයේ ‘ඇපල් ගිණුමේ මුරපදය(Password) ලබාදෙන ලෙස නියෝගයක් නිකුත් කරන්න.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොමිසම මෙම ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගයක් අද (02දා)ප්‍රකාශයට පත්කරන බව දැනුම් දුන්නේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

