අරලගංවිල මෛත්‍රීගේ රැළියට වෙඩි
- 3 01 2015
- 21:22
- {{hitsCtrl.values.hits}} views
- . .
අරලගංවිල අද (03දා) පැවැති පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රැලියට වෙඩි ප්‍රහාරයක් එල්ල වි තිබේ.
රැලිය අවසන්වීමෙන් පසුව මෙම ප්‍රහාරය එල්ලවී තිබෙන අතර පැය තුනකට ආසන්න කාලයක් වාහන විස්සකින් පමණ පැමිණි මැර පිරිසක් රැලිය පැවැති ප්‍ර දේශයේ කලබල කරමින් සිටින බවත් වාර්තාවෙයි.
පොදු අපෙක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා රැලිය අමතා පිටව යාමෙන් අනතුරුව මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබෙන බව වාර්තාවෙයි.
එම නගරයේ පිහිටා ඇති විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහාතාගේ කාර්යාලය අසලද වෙඩි තැබීමක් සිදුව ඇති බව පැවසේ.
වෙඩි තැබීමෙන් පස්දෙනෙක් තුවාල ලබා සිටිති.
සිද්ධිය වූ ස්ථානයට පොලොන්නරුව සහකාර මැතිවරණ කොමසාරිස් හා ජ්‍යෙෂඨ පොලිස් නිලධාරීන් පැමිණ තිබෙන අතර අරලගංවිල පොලිසීය පරීක්ෂණ සිදු
කරයි.
වැඩිදුර වාර්තා පොලොන්නරුව තුෂාර තෙන්නකෝන්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

