තම කුඩා දියණිය තමන් භාරයට පත් කරන ලෙස ඉල්ලා නව දරු පියෙකු අද 12 දා උදෑසන පොළොන්නරුව අධිකරණය සංකීර්ණය ඉදිරිපිට ඇති කෝන් ගසක් උඩ නැග විරෝධතාවක යෙදුණි.
පොළොන්නරුව අංක 124/18 මෛත්රීගම,ලක්ෂ උයන ප්රදේශයේ පදිංචි එල්.ගුණරත්න නමැත්තෙකු මෙලෙස විරෝධාතාවේ නිරත විය.
චන්දිමා සමන් කුමාරි (09) නමැති කුඩා දියණිය පොළොන්නරුව දිසා අධිකරණය මගින්වැ ඔහුගේ වැඩිමහල් පුතාට කර ඇති නියෝගයට විරෝධය පළ කරමින් තමන් මෙලෙස විරෝධතාවේ නිරන වන බවද එහිදී ඔහු පැවසීය.
පසුව පොලිසීය විසින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.
තුෂාර තෙන්නකෝන්/ ඩබ්.ඒ. පියතිලක