අයහපත් කාලගුණය හේතුවෙන් මේ දක්වා මරණ හයක් හා අතුරුදන්වීම් 1ක් වාර්තා වී තිබේ. පොලිස් වාර්තා සඳහන් කරන්නේ මරණ පහක් හා අතුරුදන්වීම් එකක් ලෙසය. කෙසේවෙතත් බණ්ඩාරවලදි පස් කන්දකට යටවී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වීම පොලීසියට වාර්තා වී නොමැත.
කිරිබත්ගොඩ, මඩොල්සිගම හා බණ්ඩාරවෙල පුද්ගල මරණ තුනක් වාර්තා වී ඇති අතර අම්බලන්ගෙඩින් හා හික්කඩුවෙන් මුහුදු ගිය ධීවරයන් තිදෙනෙක් ජීවතක්ෂයට පත්ව ඇත.
මීට අමතරව හික්කඩුවෙන් මුහුදු ගිය ධීවරයෙක් තවමත් අතුරුදන්ව සිටියි.