මෙවර අයවැය මගින් සියලු විශ්වවිද්‍යාල සිසුන් රක්ෂණය කිරීම සඳහා වෙන්කර ඇති මුදල කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා ලබාගත් ගොඩනැගිල්ලේ මාස 04ක කුලී මුදලට සමාන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.
අයවැය දෙවැනි වර කියැවීමේ විවාදයේ සිවුවැනි දිනයේ විවාදයට අද (14දා) පාර්ලිමේන්තුවේදී සහභාගි වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.
අයවැය මගින් බෞද්ධ පුස්තකාලයක් ඉදිකිරීමට වෙන්කර ඇති මුදල එම ගොඩනැගිල්ල සඳහා මාස 02ක කුලී මුදලට සමාන බවත්, කලාකරුවන් සඳහා රක්ෂණාවරණය වෙනුවෙන් වෙන්කර ඇති මුදල එම ගොඩනැගිල්ලේ දින 12ක කුලියට සමාන බවත් හෙතෙම පවසා සිටියේය.