2018 වසර සඳහා වන අයවැය වාර්තාව පිළිබඳ, දෙවැනි වර කියැවීමේ ඡන්ද විමසීම අද (16දා) පස්වරු 5.00 ට පාර්ලිමේන්තුවේදී සිදුකිරීමට නියමිතය.
2018 වසර සඳහා වන අයවැය 09 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව පසුදින සිට එනම් 10 -16 දක්වා අයවැය පිළිබඳ දෙවැනි වර කියැවීමේ විවාදය පැවැත්විණි. ආණ්ඩුවේ තෙවැනි අයවැය ලෙස මුදල් ඇමති මංගල සමරවීර මහතා විසින් පසුගිය (09දා) වැනිදා අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.