අයවැයට එරෙහි සියලු බලවේග සංවිධානය කරනවා
මෙවර අයවැයට එරෙහිව කම්කරුවන්, ගොවීන්, ධීවරයන් ඇතුළුව අයවැයට විරුද්ධ සියලු බලවේග සංවිධානය කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා පැවසීය.
අයවැයට විරෝධය පළකරමින් කොටුව බෝධීය ඉදිරිපිටදී පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් අද (28දා) පැවැත්වූ උද්ඝෝෂණයට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ දුමින්ද නාගමුව මහතා,
“ආණ්ඩුව මෙවර ගෙනැල්ලා තියෙන අයවැය රටේ අනාගතයට තීරණාත්මකව බලපාන අයවැයක්. ආණ්ඩුවේ උපාය මාර්ග දැක්ම මුළුමනින්ම පෙන්නුම් කරපු අයවැයක්. මේක හඳුන්වා තියෙන්නෙ නීලහරිත අයවැයක් කියලා. මේක නීලහරිත අයවැයක් නෙමෙයි, රටේ ජනතාව නිල්වෙන අයවැයක්. ලංකා ඉතිහාසයේ ජනතාවට වැඩිම බදු ප්‍රතිශතය ඉදිරිපත් කරපු අයවැය මේක. මීට කලින් තිබුණේ 82෴ක වක්‍ර බදු ප්‍රතිශතයක්. මෙවර එය 87෴ක ප්‍රතිශතකයක් දක්වා වක්‍ර බදු වැඩිකර තිබෙනවා. මේ අය කිව්වේ වක්‍ර බද්ද 60෴ට අඩුකරනවා කියලා. දැන් කරලා තියෙන්නේ 82%ට තිබුණු එක 87%දක්වා වැඩිකරන එක.“යනුවෙන් පවසා සිටියේය.
ඡායාරූප- ඒශාන් ප්‍රනාන්දු
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.












