අම්බලන්තොට හෙරොයින් හා කේරළ ගංජා විකිණීමේ ජාවාරමක් වටලයි
අම්බලන්තොට, වලේවත්ත ප්රදේශයේ පවත්වාගෙන ගිය හෙරොයින් හා කේරළ ගංජා විකිණීමේ ජාවාරමක් වටලා කාන්තාවක ඇතුළු සිවුදෙනෙකු අත්අඩංගුවට ගත් බව අම්බලන්තොට පොලීසිය පවසයි.
මෙහිදී අත්අඩංගුවට ගත් අදාළ කාන්තාව අම්බලන්තොට, වලේවත්ත ප්රදේශයේ කාලයක සිට අදාළ ජාවාරම සිදුකර ගෙනගොස් ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
සැකකාර කාන්තාව සන්තකයේ තිබී රුපියල් 200ක පමණ මුදලකට විකිණීමට සූදානම් කර තිබූ කේරළ ගංජා පැකට් 49ක්, හෙරොයින් මිලිග්රෑම් 350ක් හා ජාවාරම මගින් උපයා ගත් රුපියල් 40110ක මුදලක් පොලිස් භාරයට ගෙන ඇත.
අදාළ කාන්තාවගෙන් හෙරොයින් හා කේරළ ගංජා මිලදී ගැනීමට පැමිණ සිටි තවත් සැකකරුවන් තිදෙනෙකුද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
වසර 20ක පමණ කාලයක සිට සැකකාර කාන්තාව මෙම ගංජා ජාවාරම කරගෙන ගොස් ඇති අතර, අවස්ථා 10කට අධික අවස්ථාවලදී පොලිස් අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාරගත කර ඇතැයිද හෙළිව තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.




