අම්පාර දිස්ත්‍රික්කයේ මිරිදිය ධීවර කර්මාන්තය දියුණු කිරීම සඳහා ගනු ලබන පියවර යටතේ වැව් දෙකකට මසුන් මුදා හැරීම අද සිදුකෙරිණ.
මහඔය, ටැම්පිටිය වැවට තිලාපියා, රෝගා, කැටලා සහ මිරිදිය ඉස්සන් 100,000ක් මුදා හැරීම සහ ඔරු 150ක් හා දැල් 800ක් ධීවරයින්ට ලබා දීම මේයටතේ සිදු කෙරිණි. එමෙන්ම, උහන, වීරගොඩ වැවට මත්ස්‍යයින් මුදා හැරීමක් ද සිදු විය. අමාත්‍යවරුන්වන දයා ගමගේ හා නවීන් දිසානායක මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙය සිදුකෙරිණි.