ප්‍රතිසංස්කරණය කරන ලද අභයගිරි ස්තූපය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ලබන 31දා විවෘත කිරීමට නියමිතය 1997 වසරේ දී මෙහි සංරක්ෂණ කටයුතු ආරම්භ කොට ඇති අතර එම කටයුතු අවසන් කිරීම දක්වා මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් රුපියල් මිලියන 519.5ක මුදලක් වැය කොට ඇති බව අද පැවති මාධ්‍ය හමුවකදී මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ප්‍රශාන්ත ගුණවර්ධන මහතා පැවසීය.