මුදල් අමාත්‍යාංශයේ විෂය පථයට අයත් දේවල් නැවත ලබාදුන් ආකාරයට විෂය පථය සම්බන්ධයෙන් ගැටලු තිබෙන අමාත්‍යාංශවලත් විෂය පථයන් නිවැරදි කළ යුතු බව විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා සඳහන් කළේය.
2015 වසරින් පසු අමාත්‍යාංශවලට අයත් විෂය පථයන් වෙනස් වී තිබෙන බවත්, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (28දා) දිනයේදී මුදල් අමාත්‍යාංශයේ ගැටලු විසඳීමට කටයුතු කළ බවද අද (29දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම පවසා සිටියේය. අමාත්‍යාංශ ගණනාවකම විෂය පථය සම්බන්ධයෙන් ගැටලු පවතින බවද ඒ මහතා මෙහිදී සඳහන් කළේය.