අනුරාධපුරය අැතුළු දිස්ත්‍රික්ක 12ක් යටවෙයි
ප්‍රධාන ජලාශ 12න් 11ක්ම වාන් දමයි, පහත්බිම් රැසක් යටවෙයි
ප්‍රධාන වැව් 73න් 48ක් සම්පූර්ණයෙන් පිරී අවසන්
මල්වතු ඔය පිටාර ගැලීමෙන් අනුරාධපුර පූජා නගරය ඇතුළු ෙකාටසක් යටවෙයි
උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා
නිවාස 5,014කට හානි
මේ දිනවල පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 12 ක පවුල් 78,527කට අයත් පුද්ගලයන් 2,88,085 ක් පීඩාවට පත්ව තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
මෙම පිරිසෙන් පවුල් 6,537 කට අයත් පුද්ගලයන් 22,369 ක පමණ පිරිසක් ආරක්ෂිත ස්ථාන 158 ක රඳවා සිටින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් සඳහන් වේ.
මීට අමතරව නිවාස 5,014 කට හානි සිදුව තිබේ. නිවාස 4010 අර්ධ හානි සිදුව ඇති අතර තවත් නිවාස 1004ක් සම්පූර්ණයෙන් විනාශ වී තිබේ. වැඩිම නිවාස ප්‍රමාණයක් හානි වී තිබෙන්නේ මඩකලපුව දිස්ත්‍රික්කයෙනි. නිවාස 4900කට වැඩි ප්‍රමාණයක් එම දිස්ත්‍රික්කය තුළ හානියට පත්ව තිබේ.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවුල් 10,127 ගණනකට අයත් පුද්ගලයන් 35,961 වැඩි පිරිසක් පීඩාවට පත්ව තිබෙන අතර, එම පිරිසෙන් පවුල් 2,359 කට අයත් පුද්ගලයන් 8588 ක් ආරක්ෂිත කඳවුරු 50ක රඳවා තිබෙන බවද එමගින් පෙන්වා දී ඇත.
මල්වතු ඔය පිටාර ගැලීම හේතුවෙන් මල්වතු ඔය අසල ඇති අනුරාධපුර බන්ධනාගාර භූමිය අඩි දෙකකින් පමණ වතුරින් යටවී ඇත. ඒ වනවිට අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියන් 1000 කට අධික පිරිසක් රැඳී සිට ඇති අතර, ඔවුන් මීගමුව, ත්‍රිකුණාමලය සහ කුලියාපිටිය සිරගෙවල් වෙත රැගෙන යාමට බන්ධනාගාර බලධාරීන් කටයුතු කර ඇත.
තලාව සහ තඹුත්තේගම අතර දුම්රිය මාර්ගය ජලයෙන් යටවීම නිසා උතුරු දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු පසුගියදා (20දා) ඇණ හිටියේය. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, එම නිසා වවුනියාවේ සහ යාපනයේ සිට පැමිණි දුම්රිය ශ්‍රාවස්තිපුර දුම්රිය ස්ථානය ආසන්නයේ නවතා තැබීමට කටයුතු කළ බවයි.
ප්‍රධාන වැව් 73 අතරින් වැව් 48ක් සම්පූර්ණයෙන් පිරී ඇති බව වාරිමාර්ග දෙපාර්තුමෙන්තුව පවසයි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහා පරිමාණ වැව් හා ජලාශ 12 න් 11 ක්ම මේ වනවිට වාන් දැමීමට පටන් ගෙන ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් කලාප වාරිමාර්ග අධ්යක්ෂ ලලිත් ද අල්විස් මහතා පවසයි.
මධ්‍යම ප්‍රමාණයේ හා කුඩා ප්‍රමාණයේ වැව් 100 කට අධික ප්‍රමාණයක් වාන් දැමීම හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවුල් 15000 ක් පමණ අවතැන් වී නිවාස 1100 කට පමණ ජලයෙන් පීඩා සිදුවී ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්, මහ දිසාපති මහින්ද සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේය.
අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි යුද හමුදා (වික්ටරි) රෝහල අඩි 4 ක් පමණ ජලයෙන් යටවීම හේතුවෙන් නේවාසිකව ප්‍රතිකාර ලබන යුද හමුදා සෙබළුන් 40 කට අධික පිරිසක් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ලුතිනන් ඩෙන්සිල් කොබ්බෑකඩුව වාට්ටු සංකීර්ණය වෙත මාරු කර යැවීමට එහි නිලධාරීන් කටයුතු කර ඇත.
පොළොන්නරුවට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 1850 ක පුද්ගලයන් 8500 ක් පීඩාවට පත්ව සිටින බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි. මේ අනුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස හතේ තාවකාලික නවාතැන් කඳවුරු 56 ක මෙම පිරිස රඳවා ඇති බවත්, ඔවුන්ට අවශ්‍ය සහන සැලසීමට කටයුතු යොදා ඇති බවත් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්යක්ෂ උපුල් නානායක්කාර මහතා පැවසීය.
මැදිරිගිරිය හා ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකට දැඩි ලෙස මෙම ආපදා තත්ත්වය බලපා ඇත.
පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය, මින්නේරිය, කවුඩුල්ල හා ගිරිතලේ යන ජලාශ මේ වනවිටද වාන් දමන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
කොළඹ මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ගල්ලෑල්ල, මනම්පිටිය ජලයෙන් යට වී ඇති බවත්, සුන්ගාවිල සෝමාවතිය මාර්ගයද ජලයෙන් යට වී ඇති බවත්, එහි ගමනාගමන කටයුතු සම්නපූර්ණයෙන්ම අඩාළ වී ඇති බවත් පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසා සිටියි.
ඉඟිනිමිටිය ජලාශයේ වාන් දොරටු සියල්ල විවෘත කළ බවත්, ජලාශයෙන් ඊයේ (21දා) පෙරවරුව වනවිට මී ඔයට තත්පරයට ඝන අඩි 10000 ක ජල ප්‍රමාණයක් මුදාහරින බවත් එහි වාරි ඉංජිනේරු සහකාර එස්.එස්. තෙන්නකෝන් මහතා පැවසීය.
ඉඟිනිමිටිය ජලාශයේ ධාරිතාව අක්කර අඩි 62000 ක ඉක්මවා ඇති හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අඩි 4ක් බැගින්ද, අඩි තුන බැගින් දොරටු දෙකක්ද, අඩි දෙක බැගින් දොරටු දෙකක්ද ජලාශයේ වාන් දොරටු හයම විවෘත කළ බව ඒ මහතා පැවසීය.
ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි ග්‍රාම නිලධාරී වසම් 18 ක් තුළ නිවාස 200 ක් ජලයෙන් යටවී 845 දෙනෙකු අවතැන් වී ඇතැයි ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් ප්‍රියංගනී පතිරාජ මහත්මිය පැවසීය. මීගලෑව, නාත්තේරිය, වඩුගම යන වසම්වලට මින් දැඩි හානි සිදුව ඇති බවත්, අවතැන් වූවන්ට පිසූ ආහාර ලබාදීමට කටයුතු කළ බවත් ඇය පවසා සිටියාය.
දින ගණනාවක් තිස්සේ ඇදහැලෙන මහ වැසි හේතුවෙන් බදුල්ල - මහියංගණ ප්‍රධාන මාර්ගයේ දෙවැනි හා අටවැනි සැතපුම් කණු අතර ස්ථාන කීපයකට ගස් හා ගල් කඳු කඩා වැටීමෙන් ඊයේ (21 දා) හා පෙරේදා (20දා) යන දිනයන්හිදී එම මාර්ගයේ ස්ථාන කීපයක් අවහිර වූ අතර, අතුරු මාර්ග කීපයක පාලම් ජලයෙන් යටවීමෙන් ගමනාගමනයට බාධා එල්ල වීය.
අධික වර්ෂාව හේතුවෙන් මධ්‍යම පළාත පුරා දැඩි ආපදා තත්ත්වයක් පවතින බව මාතලේ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ අධ්යක්ෂ චමින්ද අමරවීර මහතා පවසයි.
වර්ෂාව හේතුවෙන් දඹුල්ල හා විල්ගමුව 342 පමණ පුද්ගලයන් සංඛ්‍යාවක් පීඩාවට පත්ව ඇති බව ඒ මහතා පවසයි.
තබ්බෝව ජලාශයේ වාන් දොරටු 20 ම විවෘත කිරීම හේතුවෙන් තබ්බෝව තම්බපන්නි ගම්මානයේ සිරවී සිටි පවුල් 69 කින් පවුල් 10 ක ප්‍රමාණයක් ආරක්ෂිතව බේරාගෙන රැගෙන ඒමට නාවික හමුදා යාත්‍රා යෙදවීමට සිදු වූ බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය පවසයි.
ගංවතුර හේතුවෙන් කොළඹ පුත්තලම් මාර්ගය පුත්තලම තිල්අඩිය, පාලවිය, නාගවිල්ලුව ප්‍රදේශවල හා මුන්දලම මදුරන්කුලිය ප්‍රදේශයේද මාර්ග ජලයෙන් වැසී තිබුණි. ඇතැම් ස්ථානවල අඩි දෙකකට ආසන්න ජල කඳක් මාර්ග මතින් ගලා යාම නිසා ගමනාගමන කටයුතුවලට දැඩි බාධා එල්ල වී තිබුණි.
පුත්තලම පරණ මන්නාරම් මාර්ගද ස්ථාන කිහිපයක් ජලයෙන් යටවී තිබූ අතර, විල්පත්තුව ජාතික වනෝද්‍යානය හරහා වැටී ඇති මෙම මාර්ගය දැනට සති දෙකකට වැඩි කාලයක සිට වසා දමා තිබේ.
බදුල්ල මහියංගණය ප්‍රධාන මාර්ගයේ 6 කණුව ප්‍රදේශයේදී සහ තවත් ස්ථාන කිහිපයකදීම මාර්ගයට ගල් වැටීම් සිදුවීම නිසා ඊයේ (21දා) වාහන ධාවනයට බාධා ඇතිවිය.
මේ අතර එම මාර්ගයේ අලුතින් සංවර්ධනය කරන ලද බෝලියද්ද ප්‍රදේශයේ පාලමක්ද ගිලා බසිමින් පවතින බව ප්‍රදේශවාසීහු පවසයි.
අයහපත් කාලගුණය නිසා බදුල්ල, යාපනය, මන්නාරම, කෑගල්ල, නුවරඑළිය, මහනුවර, මාතලේ, කුරුණෑගල, පුත්තලම, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, අනුරාධපුර යන දිස්ත්‍රික්කවල ජනතාව මෙසේ පීඩාවට පත්ව තිබෙන අතර, පීඩාවට පත්වීමට ප්‍රධාන හේතුව දැඩි වර්ෂාව නිසා ඇති වූ ජලගැලීම් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
මීට අමතරව ගල් පෙරලීම්, දැඩිසුළං, නාය යාම් අවදානම නිසාත් ජනතාව පීඩාවට පත්ව ඇති බව එම මධ්‍යස්ථානය පවසයි.
'අද' ඉදිරි කාලගුණ තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්ය නියුක්ත කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතාගෙන් සිදුකළ විමසීමේදී ඔහු සඳහන් කළේ, වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය නිසා ඇති වී තිබෙන වර්ෂා තත්ත්වය මේ මස 26 වැනිදා දක්වා පවතින බවයි.
එතැන් පටන් වර්ෂා තත්ත්වය ක්රමක්රම‘යෙන් අඩුවී යන බවත්, එහෙත් අද දිනය තුළත් සැලකිය යුතු වර්ෂාපතනයක් බලාපොරොත්තු වන බවත් ඒ මහතා පවසා සිටියේය.
සන්ධ්‍යා කාලයේ ඇතිවන වැසි සමග අකුණු ඇතිවිය හැකි බවත්, අකුණු සහිත වැසි ඇතිවනවිට එම ප්‍ර‘දේශවල සුළඟේ වේගය තාවකාලිකව ඉහළ යා හැකි බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
කඳු නායයාම් පිළිබඳව අවදානම් නිවේදනයක් නිකුත් නොකළත් අධික වර්ෂාව පවතින ප්‍රදේශවල කඳු ආශ්‍රිතව සහ පස් කණ්ඩි ආශ්‍රිතව ජීවත් වන ජනතාව නායයාම් සලකුණු පිළිබඳව සැලකිලිමත් වන ලෙස ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ඉල්ලා සිටියි.
මෙසේ විපතට පත්ව ඇති ත්‍රිකුණාමලය, පුත්තලම, වවුනියාව, මන්නාරම, මාතලේ, පොළොන්නරුව, අනුරාධපුර යන දිස්ත්‍රික්කවල ජනතාවට සහ අනෙකුත් සියලු දෙනාට සහන සැපයීමට කටයුතු කර ඇති බව ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ඉන්දික හේවාවිතාරණ/ එස්. කරුණාරත්න /තිසර සමල් - එප්පාවල/ගල්ගමුව සංජීව රත්නායක/ ඩබ්.ඒ. පියතිලක/ තුෂාර තෙන්නකෝන්/ එන්.කේ. නිශ්ශංක/ තඹුත්තේගම නන්දන කුමාර/ නාවුල - ඉන්දික/ රාහුල් සමන්ත/ පාලිත ආරියවංශ/ හිරාන් ප්‍රියංකර/ අනුරාධපුර බී.ජී චතුරංග/ මාතලේ සෝමරත්න
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

