(UPDATE) අනුරාධපුර, විජයපුර බණ්ඩාරනායක මාවතේ පවත්වාගෙන යනු ලබන රට බීම බෙදා හැරීමේ ස්ථානයට විරෝධය පළ කරමින් ප්රදේශවාසීහු අද (09දා) දහවල් විරෝධතාවයක නිරත වූහ.
විරෝධතාකරුවන් පවසන්නේ මෙම ගබඩාවෙන් ප්රදේශයේ ජීවත් වන ජනතාවට හිරිහැරයක් සිදු වන බව ය. එම නිසා විජයපුර ප්රදේශයෙන් මෙම ගබඩාව රැගෙන යන ලෙස ඔවුහු බල කළෝය.
අනුරාධපුරයේ රට බීම බෙදාහැරීමේ ආයතනයක සේවකයන් හා විජයපුර බණ්ඩාරනායක මාවතේ පදිංචි ගම්වාසීන් පිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් එම ආයතනයේ කළමනාකරු ඇතුළු සිවුදෙනෙකු තුවාල ලබා තිබේ.
ඊයේ (08දා) රාත්රියේ සිට අද (09දා) අලුයම දක්වා එම ප්රදේශය යුද පිටියක් බවට පත්ව තිබුණි. තුවාල ලැබූවෝ අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති.
තිසර සමල්/ බී.ජී. චතුරංග