තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ව්‍යාපාරික ශනීල් නෙත්තිකුමාර විසින් ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (28දා) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිශ්ප්‍රභ කළේය.
හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව බැඳුම්කර කොමිසමේදී සාක්ෂි ලබාදුන් අනිකා විජේසූරියට තර්ජනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව පෙත්සමක් ඉදිරිපත් කරමින් නෙත්තිකුමාර මහතා සඳහන් කළේය.
මෙම ඉල්ලීම පදනම් රහිත බැවින් එය විභාගයට නොගෙන නිශ්ප්‍රභ කිරීමට විනිසුරු මඩුල්ල තීරණය කළේය.