අනාගතයේදී මට සාධාරණයක් ඉටුවෙයි
තවදුරටත් ශ්‍රී ලංකාවේ අගවිනිසුරුවරිය වන තමාට අනාගතයේදී සාධාරණයක් ඉෂ්ට වනු ඇති බවත්, තමා දේශපාලනයට නොපිවිසෙන බවත් හිටපු අගවිනිසුරු, ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය සඳහන් කළාය.
NDB බැංකුවේ ඇති ගිණුම් පිළිබඳ තොරතුරු වත්කම් ප්‍රකාශයේ හෙළි නොකළ බවට අල්ලස් කොමිසම විසින් පවරා ඇති නඩුවේ නඩු විභාගයට මුහුණදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් පිටතට පැමිණි ඇය මාධ්‍ය අමතමින් මෙසේ පැවසුවාය.
නීතිඥවරියක වන තමාගේ තිස් තුන් වසරක කාලය තුළදීත්, අගවිනිසුරුවරිය ලෙස තමාගේ 16 වැනි වසර තුළදීත් තමා කිසිම චෝදනාවකට ලක්වී නැතැයි හිටපු අගවිනිසුරුවරිය පවසා සිටියාය.
2013 වසරේ ජනවාරියේ සිට තමාට ආණ්ඩුවෙන් යම් යම් හිරහැර එල්ල වූ බවත්, තමාට විදේශ ගතවීමට තහනම් කොට තමා නිවාස අඩස්සියේ තැබීමට පවා ආණ්ඩුව කටයුතු කළ බවත් ඇය සඳහන් කළාය.
තමා අගවිනිසුරු ධුරයෙන් ඉවත් කිරීම නීතිවිරෝධී බව විදෙස් ආයතන තුනක්ම ප්‍රකාශයට පත්කර ඇති බවත්, මේ තත්ත්වය මත තවමත් මෙරට අගවිනිසුරුවරිය තමා බවත් ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය වැඩිදුරටත් පවසා සිටියාය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

