අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය පසුගිය අඟහරුවාදා (31දා) ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිට කොළඹ අරලියගහ මන්දිරය දක්වා සංවිධානය කළ සිසු විරෝධතා පෙළපාළියේදී පොලිස් නිලධාරීන්ට පහරදී නීති විරෝධී රුස්වීමක සාමාජිකයන් වූවා යැයි කියන සිසුන් පස්දෙනෙකුට නොතීසි මත අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙසට පෙලීසිය සිදු කළ ඉල්ලීම කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා අද (01දා) ප්‍රතික්ෂ්‍රේප කළේය.
එම ඉල්ලීම ප්‍රතික්ෂ්‍රේප කරමින් මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා පොලීසියට උපදෙස් දුන්නේ සැකකරුවන් සංශෝධනය නොකළ මාධ්‍ය දර්ශන පරීක්ෂා කර බලා නිර්ණය කරන ගන්නා ලෙසයි.
සිසු ඉල්ලීම් ඉල්ලා සංවිධානය කළ මෙම විරෝධතාවට සහභාගී වූ සිසුන් අරලියගහ මන්දියරට ඇතුළුවීමට උත්සාහ කළ බවත් එය වැළැක්වූ පොලීසියට ගල් මුල් වලින් පහර දුන් බවත් කොල්ලුපිටිය පොලීසිය අධිකරණයට දන්වා තිබුණි.