අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර මහතා ඇතුළු 05දෙනෙකු ලබන 4දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය අද (02දා) නියෝග කළේය.
පසුගිය ජුනි 21දා සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත්කාරයෙන් ඇතුළුවීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ මොවුහු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිති.