පසුගිය මස 21වැනිදා සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපොළවලට හානි සිදුකළැයි චෝදනා මත රිමාන්ඩ් භාරයේ සිටි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර මහතා ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරී සාමාජිකයන් 05ක් ලබන මස 05 වැනිදා දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් දුලානි එස්. වීරතුංග මෙනවිය අද (19දා) නියෝග කළාය.
මෙලෙස රිමාන්ඩ් භාරයට පත්කෙරුණේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර, අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමි, ෆසිසාන් අහමඩ්, දිනේෂ් මධුරංග සහ දිමුත් ලක්ෂාන් නමැත්තන්ය.
සෞඛ්‍ය අමාත්‍යාංශයට ඇතුළු වී එහි දේපොළවලට රුපියල් ලක්ෂ 09 හානියක් සිදුකිරීම සම්බන්ධයෙන් එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර්.ඒ. විජේසේකර මහතා මරදාන පොලීසිය සිදුකරන ලද පැමිණිල්ලක් මත මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබිණි.
.jpg)