ශ්‍රී ලංක පොලීසිය හා ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරීන් සමඟ එක්ව මෙම මස 18දා සිට 19දා දක්වා බස්නාහිර පළාත තුල සිදුකල වැටලීම්වලින් අනවසරයෙන් කසළ බැහැර කළ පුද්ගලයන් 271ක් අත්අඩංගුවට ගෙන නඩු පැවරීමට කටයුතු කල බව පොලිස් මූලස්ථානය අද (21දා) සඳහන් කරයි.
ඒ අනුව කොළඹ උතුර - 40ක්, කොළඹ මධ්‍යම - 42ක්, කොළඹ දකුණ - 16ක්, නුගේගොඩ - 73ක්, ගල්කිස්ස - 32ක්, ගම්පහ - 29ක්, කැළණිය - 20ක්, මීගමුව - 19ක් වශයෙන් අත්අඩංගුවට ගෙන නඩු පැවරීමට කටයුතු කර ඇත.
ඉදිරි දිනවලද මෙවැනි වැටලීම් සිදුකර අදාල පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.