අධිවේගී මාර්ග කිලෝමීටර් දෙකකට වැයවන වියදමින්අං ග සම්පූර්ණ රජයේ වෛද්‍ය විද්‍යාලයක් ඉදිකළ හැකි බව මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික මහතා අද (19දා) පාර්ලිමෙන්තුවේදී පැවසීය.අධිවේගී මාර්ග විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේබව කීවේය.
2015 සිට 2025 දක්වා අතිරේක අධිවේගී මාර්ග කි.මී. 356 ක් ඉදිකිරීමට සැලසුම් කොට තිබෙන අතර, ඒ සඳහා රුපියල් බිලියන1,644 ක් ණය වීමට නියමිත බව අමාත්‍යවරයාද අවධාරණය කළේය.
අධිවේගී මාර්ගවලට මුදල් වැය කිරීම යනු තවත් තැනක සංවර්ධනයක් අත්හිටුවීම බවද, අධිවේගී මාර්ගයක කිලෝමීටරයක් ඉදිකිරීමට අද වනවිට රුපියල් මිලියන 4,000 - 5,000 අතර ප්‍රමාණයක් වැය වන අතර එය අතිවිශාල ධනස්කන්ධයක් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
නමුත් එමගින් කළ හැකි දේ සලකා බැලුවහොත් කොළඹ නගරයේ වැසිකිළි, කැසිකිළි පහසුකම් නොමැතිව ජීවත්වන පවුල්20,000කට සෞඛ්‍ය සම්පන්න වැසිකිළි පහසුකම් ලබාදීමට හැකි බවත්, කොළඹ නගරයේ ඇළමාර්ග ආශ්‍රිතව අඩු අදායම්ලාභී පවුල් ජීවත්වන නිවාස 1,000 ක් පමණ හඳුනාගෙන තිබෙන අතර, එම අයට මහල් නිවාස තනාදීමටත්, පිට පළාත්වල වෙසෙන දුප්පත් පවුල් 5,000කට විධිමත් නිවාස තනාදිය හැකි බවත් අමාත්‍යවරයා පැවසීය.
මෙම කිලෝමීටර් 01 ක් ඉදිකිරීමට වැයවන මුදලින් කෝටි 10 බැගින් ග්‍රාමීය රෝහල් 50ක් පුනරුත්ථාපනය කළ හැකි බවත්, අධිවේගී මාර්ග කිලෝමීටර් දෙකකට යන වියදමින් රජයේ අංග සම්පූර්ණ වෛද්‍ය විද්‍යලයක් පිහිටුවිය හැකි බවත් චම්පික අමාත්‍යවරයා ප්‍රකාශකළේය.
අධිවේගී මාර්ග කි.මී.03කට වැය වන මුදලින් කොළඹ නගරය ඇතුළු බස්නාහිර පළාතේම කසළ ටොන් 1200 ක් විද්‍යාත්මක කසළ රඳවන එකක හෝ කිහිපයක රඳවා තබාගෙන කසළ ගැටලව මේ සියවස තුළම ඇති නොවන අයුරින් විසඳීමට හැකි බවද ඔහු කීය.
නැනෝ තාක්ෂණය, ජීව තාක්ෂණය, තොරතුරු තාක්ෂණය ඇතුළු තාක්ෂණික සේවා නවෝත්පාදන ක්‍රියාවලියක් මෙම මුදලින් ආයෝජනය කළහොත් අලුත් තාක්ෂණ රැකියා 30,000 ක් එමගින් බිහිකළ හැකි අතර දැනට තිබෙන 4% ආර්ථික වර්ධන වේගය 5% දක්වා ඉහළ නැංවීමට හැකි බවද හෙතෙම සඳහන් කළේය.
අධිවේගී මාර්ග කි.මී. 04කට යන වියදමින්, අද දැවෙන ගැටලුවක් වන වාහන තදබදයට ප්‍රධාන හේතුව වන පෞද්ගලික වාහන එක් මාර්ගයකින් 250 ක් ඉවත් කර ඒ සඳහා බස්රථ යෙදවීමට හැකි නම් මිනිත්තු 30කින් එම මාර්ගයේ ගමනාගමනය කාර්යක්ෂ්ම කළ හැකි බවත්, ඒ අයුරින් කොළඹට පැමිණෙන මාර්ග 07 සඳහා රජය මගින් අධිවේගී මාර්ග කී.මී. 04කට වැයවන මුදලින් සුඛෝපබෝගී බස්රථ ලබාදීමට හැකි නම් කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල තිබෙන බලගතු ප්‍රවාහන ගැටලුව විසඳිය හැකි බවත් රණවක මහතා පැවසීය.
අධිවේගී මාර්ග කි.මී. 06ක් ඉදිකිරීම සඳහා වැයවන මුදලින් කටුනායක ගුවන්තොටුපොළේ දෙවැනි ගුවන්පථය ඉදිකිරීමට හැකි බවත්, එසේම කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සහ බටහිර පර්යන්තය යන දෙකම එම වියදමින් ඉදිකළ හැකි බවද අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.