පසුගිය මාසයේ අධිවේගි තැපැල් සේවාව තුළින් රුපියල් මිලියනයක ආදායමක් ලබාගත් බවත් තැපැල් දෙපාර්තමේන්තුවේ අධිවේගී තැපැල් සේවාව භාවිතයට පහසුකම් සහිතව තවදුරටත් පුළුල් කිරීමට බලාපොරොත්තු වන බවද තැපැල්පති රෝහණ අබේරත්න මහතා පැවසීය.
නුවර - කොළඹ අතර අධිවේගී තැපැල් සේවාවට දැඩි ඉල්ලුමක් පවතින බවද තැපැල් දෙපාර්තමේන්තුවේ සියලු සේවාවන් නවීන තාක්ෂණය සමග කාර්යක්ෂම කරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.