උපරිමාධිකරණ සංකීර්ණ ගොඩනැගිල්ලේ පිහිටුවා ඇති නීති ක්ෂේත්රය හා සම්බන්ධ විවිධ ආයතන සඳහා ප්‍රමාණවත් ගොඩනැගිලි පහසුකම් සැලසීම යටතේඅධිකරණ ශාලා 40කින් සමන්විත අධිකරණ සංකීර්ණයක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ මහාධිකරණ, දිසා අධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණ සඳහා දැනට භාවිත කරනු ලබන ගොඩනැගිලිවල ඉඩකඩ ඉතා සීමිත වීමත්, ඒවායේ පැරණි බවත් හේතුවෙන් අවදානම් තත්ත්වයන් මතුව තිබීම හේතුවෙන්ද නව සංකීර්ණය ඉදිකිරීමට නියමිතය.
මීට අමතරව විනිශ්චයකාරවරුන්ගේ පුහුණු ආයතනය වැඩිදියුණු කිරීම හා නීතිඥවරුන් පුහුණු කිරීම සඳහා නීති මධ්‍යස්ථානයක් ඉදිකිරීමටද නියමිතය.