මහජන දිනයේ දී අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පැමිණෙන ජනතාව මුලා කරමින් නිලධාරීන් හමුවීමට අවස්ථාව ලබා දෙන බවට සහ රාජකාරි කටයුතු සිදු කර දෙන බව පවසා අල්ලස් ලබාගැනීමට කටයුතු කරන පුද්ගලයින් සම්බන්ධව පැමිණිලි ලැබී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.
එවැනි පුද්ගලයින් වහාම නීතියේ රැහැනට හසුකර ගැනීමට බුද්ධි අංශ නිලධාරීන් හා පොලීසිය යොදා වැඩ පිළිවෙලක් සකස් කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇත.
වංචා සහගත ලෙස කටයුතු කරන මෙවැනි පුද්ගලයින් සහ සිදුවීම් සම්බන්ධව විමසිලිමත්ව සිටින ලෙසත් ඒ සම්බන්ධ තොරතුරක් වෙතොත් වහාම අධ්‍යාපන අමාත්‍යාංශය (ක්ෂණික ඇමතුම් අංක 1988) හෝ පොලීසිය දැනුවත් කරන ලෙසත් අධ්‍යාපන අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.