අද ශ්‍රීලනිපයට වෙලා තියෙන්නේ ලසිත් මාලිංග කියපු දේමයි
අද වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වෙලා තියෙන්නෙත් ලසිත් මාලිංග කියපු දේමයි. වඳුරා බෙනේ ගිරවා ගහේ වගේ දෙයක්. පුටුවල ඉන්න ඕන අයට විනය පරීක්ෂණ විනය පරීක්ෂණ තියන්න ඕන අය පුටුවල යැයි පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා මාතලේදී පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය විසින් සංවිධානය කර තිබූ මාතලේ ආසන බලමණ්ඩලය අමතමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේය.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,
“අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ඉහළ තනතුරු දරන අය අතුරෙන් එහි සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ලේකම් දුමින්ද දිසානායක, භාණ්ඩාගාරික එස්.බී. දිසානායක යන මහත්වරු පුටුවල ඉන්නවා. නමුත් ඔවුන්ට විරුද්ධවයි විනය පරික්ෂණ තියන්න ඕන. ඒක නෙවෙයි වෙලා තියෙන්නේ පක්ෂය ආරක්ෂා කළ පිරිසටයි අද විනය පරීක්ෂණ තියන්නේ” යනුවෙන් සඳහන් කර සිටියේය.
මධ්‍යම පළාත් සභා මන්ත්‍රීවරුන් වන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, පරාක්‍රම දිසානායක, ටී.ඩී ජයතිස්ස ඇතුළු හිටපු පළාත් පාලන ආයතන නියෝජිතයෝ රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
මාතලේ රවීන්ද්‍ර විරාජ් අබයසිරි
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

