ප්‍රදේශීය මාධ්‍යවේදී තිසර සමල් සෝමරත්න මහතාට හා ගායක ජයන්ත බණ්ඩාරට පහර දුන් පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගන්නැයි බලකරමින් සිවිල් සංවිධාන සංවිධානය කළ විරෝධතාවක් අද (07දා) එප්පාවලදී පැවැත්වීය.
විරෝධතාකරුවන් පෙළපාළියෙන් පොලීසියට ගමන් කළහ.
මැර ප්‍රහාරයෙන් තුවාල ලත් තිසර සමල් මහතා එප්පාවල රෝහලේ ප්‍රතිකාර ලැබීය.
පසුගිය සිකුරාදා (05දා) මෙම මැරප්‍රහාරය එල්ල විය. පසුව ඔහුට මරණ තර්ජනද කළේය.