අදත් වැසි
අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු සහ දකුණු අර්ධගෝලයන්ගෙන් පැමිණෙන සුළං හමුවන අඩු පීඩන කලාපය) දිවයිනෙහි කාලගුණ තත්ත්වයට බලපෑම් කරමින් පවතින හෙයින් විශේෂයෙන් අපරභාගයේ සහ රාත්‍රී කාලයේ අකුණු සහ වැසි සහිත කාලගුණ තත්වයක් අපේක්ෂාකළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හඑැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (18දා) පෙ.ව. 5.40ට නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
බස්නාහිර සහ දකුණු පළාත්වල උදැසන කාලයේ දී වැසි ඇති විය හැකි බවත් සමහර ස්ථාන වලට තරමක් තද වැසිද (මිලී මීටර් 75-100 පමණ) ඇතිවීමට ඉඩ ඇති බවත් එම නිවේදනයේ වෙයි.
්ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත් අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

