අතුරුදන් වූවන් පිළිබඳ සොයාබැලීම සඳහා වන කාර්යාලය බලගැන්වීමේ ඊළඟ පියවර වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අනුමැතිය හිමිවූ බව විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණානායක මහතා පවසා සිටියේය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (20දා) පස්වරුවේ විදේශ කටයුතු අමාත්‍යංශයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
එහිදී, රවි කරුණානායක මහතා සඳහන් කළේ අණ්ඩුක්රම ව්‍යවස්ථා මණ්ඩලය හරහා අදාළ කාර්යාලයට සාමාජිකයන් පත්කිරීම ඉදිරියේදී සිදුකෙරෙනු ඇති බවයි.