ජාත්‍යන්තර අතුරුදන් වූවන්ගේ දිනය අදදිනට (30දා) යෙදී තිබීම නිමිත්තේන් යුද සමයේදී අතුරුදන්වූවන් සොයා දෙන ලෙස ඉල්ලමින් අතුරුදන් වූවන්ගේ ඥාතී එකමුතුව විසින් උතුරේ ස්ථාන කිහිපයක විරෝධතා සංවිධාන කර තිබිණි.
වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට හා කිලිනොච්චිය කන්දස්වාමි කෝවිල ඉදිරිපිටදී මෙම විරෝධතාවන් පැවැත්විණි. මෙහිදී වවුනියාවේ හා කිලිනොච්චියේ විරෝධතාකරුවන් පැවසුවේ, තම දරු මුණුබුරන් හා ඥාතීන් අතුරුදන් වී වසර 20 කටත් වැඩි කාලයක් ගෙවී ඇතත් මේ වනතුරුත් කිසිදු තොරතුරක් නොමැති බවටත් වත්මන් ආණ්ඩුව හෝ මෙයට ඉක්මන් විසඳුමක් ලබාදීමට පියවර ගත යුතු බවයි