අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යාමට කිසිසේත් ඉඩ තැබිය නොහැකි බවත් ඒ සම්බන්ධයෙන් ගන්නා තීන්දු තිරණ සක්‍රීයව සෘජුව ක්‍රියාත්මක විය යුතු බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැති සාකච්ඡාවේදී ජනපතිවරයා මේ බව පවසා ඇත.
ඉදිරි මාස කිහිපය තුළදී රජය මගින් විදේශයන්හි පවතින මිල ගණන් නොසලකා සහල් මෙටි්රක් ටොන් ලක්ෂ පහක් ආනයනය කිරීමටත් සතොස මගින් අලෙවි කරන සියලුම සහල් වර්ගවල මිල ගණන් අද සිට පහළ දැමීමටත් අදාළ මිල ගණන් අද දින තුළ ප්‍රකාශයට පත්කිරීමටත් ජනපතිවරයා මෙහිදී පවසා ඇත.
එසේම සතොස මගින් අලෙවි කරන ලොකු ලූනු සහ අර්තාපල් දැනට පවතින මිලට වඩා අඩු මිලට අද සිට අලෙවි කිරීමටත් සඳුදා සිට අතරමැදියන්ගෙන් තොරව ජංගම රථ යොදා ගනිමින් සෘජුවම පාරිභෝගිකයන් වෙත පොල් අලෙවි කිරීමට කටයුතු කරන ලෙසත් සඳහන් කර ඇත.
එසේම වෙළෙඳ අමාත්‍යාංශය සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් මගින් අත්‍යාවශ්‍ය ආහාරවල ප්‍රමාණ සහ මිල ගණන් සතිපතා රැස්වී තීන්දු කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දී ඇත.