අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යාම පිළිබඳව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානය යොමුව තිබේ. මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (27දා) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පවත්වා ඇත.
අමාත්‍ය මංගල සමරවීර, රිෂාද් බදුර්දීන්, මහින්ද අමරවීර, සුජීව සේරසිංහ සහ එරාන් වික්‍රමරත්න යන මැති ඇමතිවරුන් සහ අදාළ අමාත්‍යාංශ නිලධාරීන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.