අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් ගම්පහ - මිනුවන්ගොඩ මාර්ගයේ ගම්පහ නගරය අවට ප්රදේශ වන ඉහළගම, මැදගම, පහළගම ගංවතුරෙන් යටවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මීට අමතරව රුක්ගහවිල වාරණ අවට ප්රදේශ ජලයෙන් යටවී තිබෙන බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
මේ හේතුවෙන් එම ප්රදේශ අවට ජනතාව මේ පිළිබඳ සැලකිලිමත් වන ලෙසද දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.
තවදුරටත් ජල මට්ටම ඉහළ ගියහොත් ගම්පහ, ජාඇල මාර්ගයේ කිරිඳිවිට, අකරවිට, මාතේවිට ප්රධාන මාර්ගද ජලයෙන් යටවීමේ අවදානමක් මතුව තිබේ.