නාකුලාගමුව ප්‍ර දේශයේ පදිංචි පුද්ගලයෙකුට නවසීලන්තයේ රැකියාවක් දෙන බව පවසා රුපියල් ලක්ෂ තුනක මුදලක් වංචා කළ බව කියන සිදුවීමක් සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටනී වික්ටර් පෙරේරා ඊයේ (18දා) පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුව ඔහ හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදා හැරීමට කටයුතු කර ඇත අතර හලාවත පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.