වත්මන් රජය බලයට පැමිණි පසු අත්අඩංගුවට ගෙන තිබෙන හීලෑ අලිඇතුන් 36 දෙනා නඩත්තු කිරීම සඳහා රජය වර්ෂයකට රුපියල් ලක්ෂ 843ක් වැයකරන බව හීලෑ අලි ඇතුන් සුරැකීමේ සංවිධානය අද (12දා) සඳහන් කළේය.
මෙම පිරිස නඩත්තු කිරීම සඳහා මහජනතාවගේ බදු මුදල් වැයකිරීමට සිදුවන බැවින් බලපත්‍රලාභී අලි ඇතුන් පිරිස නිදහස් කරන ලෙසද එම සංවිධානය ඉල්ලීමක් කළේය.
කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී හීලෑ අලිඇතුන් සුරැකීමේ සංවිධානයේ මාගල්කන්දේ සුදත්ත හිමියෝ සඳහන් කළේ, පසුගිය කාලය තුළ පෙරහර ඇතුළු සංස්කෘතික කටයුතු සඳහා මෙම අලිඇතුන් යොදාගත් බවත්, පෙරහර සඳහා අලිඇතුන් ලබාදීමට යෑමේදී අර්බුදයක් හටගෙන ඇති බවත්ය.