දිවයින වටා ඇති ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි, තද සුළං තත්වයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනු ඇති බවත් දකුණු, සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට (මි.මී. 150 වැඩි) ඉතා තද වැසි ඇති විය හැකි බවද සඳහන් කරන දෙපාර්තමේන්තුව අනෙකුත් ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට (මි.මී. 100 වැඩි) තද වැසි ද ඇතිවිය හැකි අතර ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දිවයින ආශ්‍රිතව පැවැති අඩුපීඩන කලාපය මේ වනවිට පීඩන අවපාතයක් බවට වර්ධනය වී ඇති බවත්, එය තවදුරටත් වර්ධනය වෙමින් දකුණු දිග වෙරළ ආසන්නයෙන් දිවයිනෙන් ඉවතට ගමන් කරනු ඇති බවට දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.