පාකිස්තාන ක්රිකට් කණ්ඩායමේ ප්රධානතම දඟපන්දු යවන්නා වන සයිඩ් අජ්මාල්ට අන්තර් ජාතික තරගවලදී පන්දු යැවීම තහනම් කිරීමට අයි.සී.සී (අන්තර් ක්රිකට් කවුන්සිලය) පියවර ගෙන ඇත. ඒ ඔහුගේ පන්දු යැවීම සම්බන්ධයෙන් සිදුකෙරුණු පරීක්ෂණවලදී අජ්මාල් පන්දු යැවීමේ ඉරියව්ව නීතිවිරෝධි බව තහවුරු වීමත් සමගිනි.
නිවේදනයක් නිකුත් කරමින් අයි.සී.සී. පවසන්නේ ඔහුගේ පන්දු යැවීම සම්බන්ධයෙන් සිදුකරන ලද විධිමත් පරීක්ෂණයකින් අනතුරුව අජ්මාල් පන්දු යැවීමේ ඉරියව්වේදී අන්තර්ජාතික වශයෙන් සම්මත අංශක 15 කට වඩා වැළමිට අසලින් නැවීමක් සිදුවන බව තහවුරු වූ බවයි.