බැඳුම්කර සිද්ධියට අදාලව සාක්ෂි විමසීමේදී, තමා පදනම් කර ගනිමින් ඉදිරිපත් වී ඇති කරුණු පිළිබඳ ලබන අගෝස්තු මස 02 වැනි දින බැඳුම්කර කොමිසම හමුවේ නිසි පිළිතුරු දෙන බව විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.
"මේ අය නොදැනුවත්වද කැබිනට් ඇමතිවරයෙක් වශයෙන් ඊයේ මාව කොමිසම හමුවට කැඳෙව්වේ. කැබිනට් රැස්වීම තිබෙන දවසේ, මෙම කැඳවීම කර තිබුණා. ඒ නිසා නීතිඥයන් මාර්ගයෙන් මම දැනුම් දුන්නා කවදද කොමිසම හමුවට යන්නේ කියල." යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.